එසැන පුවත්දේශීය

එක ශිෂ්‍යයෙකුට ලක්ෂ හැටක වියදමක් , බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි – ජනපති රනිල්

(UTV | කොළඹ) – වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වෛද්‍ය පීඨ එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලංකා ආණ්ඩුව ලක්ෂ හැටක් වියදම් කරන බව කී ජනාධිපතිවරයා එලෙස වියදම් කරන්නේ ලංකාවේ ඉන්න කියා යැයි පැවසීය.

පුහුණු කර විදේශ රටවලට යැවූ කණ්ඩායම් ගැන බැලූ විට ඒ රටවල් අපට දෙන ආධාර වලට වඩා අප ඒ රටවල් වලට දෙන ආධාර වැඩි බවද ජනාධිපතිවරයා කීය.

මොන ආණ්ඩුව තිබුනත් මේ ප්‍රශ්නය බලපාන අතර මෙි ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

කොරෝනා අවදානම පහව යනතුරු පොලිස් භාරයට ගත් වාහන ලබා නොදෙයි

Mohamed Dilsad

රට පුරා බාල බෙහෙත්….?

Editor O

රජයේ පාසල් නැවත නිවාඩු දෙයි

Mohamed Dilsad

Leave a Comment