දේශීයප්‍රමුඛ පුවත 1

රජයේ පාසල් නැවත නිවාඩු දෙයි

(UTV | කොළඹ ) – සියලුම රජයේ පාසල්වලට මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබේ.

දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වේ.

අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරේ.

Related posts

සියලුම ගුවන් ප්‍රවේශ පත්‍ර මිළ 27% කින් ඉහළට

Mohamed Dilsad

මෙන්ඩිස් සමාගමෙන් බදු අය කරගන්න, ඉදිරිපත් කළ යෝජනා මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරලා

Editor O

පළාත් සභා මැතිවරණයද කඩිනමින්

Mohamed Dilsad

Leave a Comment