දේශීයවිදෙස්

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

(UTV |කොළඹ ) – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනයට රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව පවසයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයන් සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවකදී ඊට සම්බන්ධ ශ්‍රී ලංකා නියෝජිතයන් මේ බව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියේය.

වෛරසය පාලනයේදී මෙරට සෞඛ්‍ය අංශ ලබා ඇති ප්‍රගතිය මෙන්ම අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමේදී ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් නියෝජිතයන්ගේ ප්‍රශංසාව හිමිවූ බව කාර්ය සාධක බලකාය නිකුත් කල නිවේදනයක දැක්වේ.

ඉදිරියටත් වෛද්‍ය , ළමාරක්ෂණ , කම්කරු නීති , ආහාර , නෛතික , ආර්ථික හා අධ්‍යාපන යන අංශවලින් සහයෝගය දෙන බවටද ඔවුන් සහතික වී තිබේ.

Related posts

එම්.සී.සී. ගිවිසුමේ කමිටු වාර්තාව සිව් මසකින්

Mohamed Dilsad

ෆයිසර් සමාගමෙනුත් කොරෝනා පෙත්තක්

Mohamed Dilsad

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

Mohamed Dilsad

Leave a Comment