දේශීය

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු තිදෙනෙකුට ඔක්තෝම්බර් 29 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණය අද (07) සිතාසි නිකුත් කළේය.

2014 වසරේදී මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට වන නඩුව අද කැදවූ අවස්ථාවේදි මෙම තීරණය ගෙන ඇත.

පසුගිය අගෝස්තු 20 වනදා අල්ලස් කොමිසම විසින් රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මීට අදාළව අධි චෝදනා ගොනුකළේය.

මන්ත්‍රීවරයාට අමතරව මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබුවේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන අයටයි.

Related posts

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන තීරණාත්මක තීරණ කිහිපයක්

Mohamed Dilsad

පළාත් 2 ක් අවධානම් තත්ත්වයක

Mohamed Dilsad

මහ බැංකුව පරිශ්‍රයේදී 09ක් අත්අඩංගුවටl

Mohamed Dilsad

Leave a Comment