Trending News

මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවී යාමේ තර්ජනයක

(UTV | කොළඹ) –මෙරට කුරුළු විශේෂ අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ, 2021 රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව කරන ලද සමීක්ෂණයේදී එම තොරතුරු අනාවරණ වූ බවයි.

දැඩි ලෙස තර්ජනයට ලක්වූ 19ක් හා තර්ජනයට ලක්වූ 48 ක් හා තර්ජනයට ලක් වීමේ ප්‍රවණතාවය සහිත14 ක් ලෙස විවිධ අවස්ථා පවතින බවයි.

මේ අතර , තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් සිටී.

එහිදී කුරුළු විශේෂ 244ක් අධ්‍යයනයට ලක්කර බවත්, කුරුළු විශේෂ තර්ජනයට ලක්වීමට හේතු සලකා බැලීමේදී ඔවුන්ගේ වාසභූමිවල‌ට තර්ජන එල්ල වන බව ඇය පැහැදිලි කළා ය.

අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ , මිනිසා විසින් සිදුකරනු ලබන කාරණා මත එම වාසභූමිවල‌ට තර්ජන එල්ලවන බවත්, ඒ අනුව කූඩු සාදා ගැනීමට, බිත්තර දැමීමට ස්ථාන නොමැති බවත් , කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා කසළ ආහාරයට ගැනීමෙන් එම රසායනික ද්‍රව්‍ය නිසා කුරුල්ලන් වඳවී යාමට ලක් වන බවත් ය.

මේ නිසා මිනිසා අතින් සිදු කරනු ලබන ක්‍රියාවලින් වැළකී සිටීමට කටයුතු කරන ලෙස පද්මා අබේකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම එම වාසභූමි ඇති ස්ථාන එළි පෙහෙළි කිරීම ,ගිනි තැබීම් ආදියෙන් වැළකී සිටින ලෙස ඇය අවධාරණය කළා ය.

Related posts

Police arrests suspect with heroin worth Rs. 12 million in Marawila

Mohamed Dilsad

Amendment to Bribery Act at final stages

Mohamed Dilsad

‘Jana Balaya Kolambata’ tomorrow

Mohamed Dilsad

Leave a Comment