දේශීය

ගුරු මාරු ගැන එන අලුත්ම ක්‍රමවේදය

(UTV | කොළඹ) – අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙන් ගුරුවරුන් ද මාරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතුවන බවය.

ඒ හේතුවෙන් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය.

සියලු ආධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහාම විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යායුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර ඩිජිටල් අධ්‍යාපන සංවර්තනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත ද අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

Related posts

මංතීරු නීතිය හෙට සිට දැඩි වෙයි

Mohamed Dilsad

නව පොලිස්පතිවරයා කතානායකවරයා හමු වෙයි

Mohamed Dilsad

වතුකරයට මහල් නිවාස

Editor O

Leave a Comment