ක්‍රීඩා

ICCයෙන් වනිඳුට අලුත් තැනක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ICC එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු 235ක් හිමිකරගනිමින් වනිඳු හිමිකරගෙන ඇති ස්ථානය වන්නේ 8වන ස්ථානයයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු හසරංගයි.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ හිමිකරගෙන සිටින්නේ Shakib Al Hasan.

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

එසේම ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවෙයි.

Related posts

සියළු පහසුකම් වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දැන් ලංකාවටත්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

ගෙවීම් කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි

Mohamed Dilsad

Leave a Comment