ක්‍රීඩා

සියළු පහසුකම් වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දැන් ලංකාවටත්

(UTV | කොළඹ) –  පාදුක්ක ප්‍රදේශයේ සියළු පහසුකම් වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ සඳහා හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් මෙම ඉදිකිරීම සිදුකිරීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධ පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වවිද්‍යාලය (Sri Lanka Telecom campus) යටතේ පවතින භුමි භාගයක මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට ක්‍රිකට් ආයතනය විසින් කටයුතු යොදා ඇත.

අක්කර 36 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර ඇති එකී විශ්වවිද්‍යාල භූමියේ ඉදිකිරීමට නියමිත මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර කිහිපයකින් ඉදිකර අවසන් කිරීමට නියමිතය.

මෙහි මුල් අදියර ලෙස හිස්ව පවතින එම භූමි භාගය ක්‍රීඩාංගණයකට සරිලන ආකාරයට සකස් කිරීම සිදුකෙරෙනු ඇත.

මේ සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ද දෙපාර්ශවය විසින් අත්සන් තැබූ අතර , අවබෝධතා ගිවිසුමට අනුව තණතීරු 6 කින් සමන්විත ප්‍රධාන තණතීරුව, ජලය බැස යෑමේ පද්ධතිය, නවීන පහසුකම්වලින් සහිත ක්‍රීඩාගාර සහ පැති පුහුණු තණතීරු ඉදිකිරීමේ වගකීම ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටද ක්‍රීඩාංගණය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශූරයන්ගේ කුසලානය ජයගත් පාකිස්තාන කණ්ඩායම සිය මව් රටට පැමිණෙයි

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකා – කොදෙව් සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

LPL පළමු අර්ධ ශතකය වාර්තා කරයි

Mohamed Dilsad

Leave a Comment