දේශීය

නව පොලිස්පතිවරයා කතානායකවරයා හමු වෙයි

(UTV |කොළඹ) – නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (02) පස්වරුවේ ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ දි ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.

මෙහිදී අදහස් දැක් වු කථානායකවරයා පැවසුවේ ශ්‍රී ලංකා පොලිසියට ජාතික වශයෙන් පැවරෙන වගකීම ඉටුකිරීම සඳහා,  නව පොලිස්පතිවරයාට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවයි.

එමෙන්ම කථානායකවරයා , නව පොලිස්පතිවරයාට සුබ පැතුම් එක්කළ අතර, ශ්‍රී ලංකා පොලිසියේ කාර්‍යභාරය වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයායි.

Related posts

චිකන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් හඳුනාගැනේ.

Editor O

පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් පැහැදිලි කිරීමක්

Editor O

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment