දේශීය

පාඨලීගේ රියදුරු සහ වැලිකඩ එවක OIC ට අධිචෝදනා

(UTV| කොළඹ) –  2016 වසරේ රාජගිරියේ සිදුවූ රිය අනතුරට අදාළව පාඨලී චම්පික රණවකගේ එවකට රියදුරු දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩලට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර ඇත.

අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.

මෙහිදී එක් අයෙකුට රුපියල් 10 ,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02 ක් මෙහිදී නියම වූ අතර අධිකරණයේ අවසරයකින් තොරව ඔවුන් දෙදෙනාට විදෙස්ගතවීමද කොළඹ මහාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.

 

Related posts

පාරිභෝගිකයින් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

20 වන ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ – පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැනත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment