දේශීය

හක්මන ටිපර් රථ අනතුරින් තුවාල ලැබූ අනෙක් පොලිස් නිලධාරියාත් මරුට

(UTV | හක්මන) – හක්මන – කෝන්ගල – 13 කණුව මාර්ග බාධකයේදී ටිපර් රථ රියදුරෙකු විසින් යටකර බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් පොලිස් නිලධාරියා ද අද අලුයම ජීවිතක්ෂයට පත්විය.

දින 38 ක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ මෙම පොලිස් නිලධාරියා 47 හැවිරිදි වියේ පසුවන මාතර – කිරින්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජුලි 13 වනදා රාත්‍රී 11 ට පමණ සිදුකල මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

අද අලුයම මියගොස් ඇත්තේ ඉන් එක් සැරයන්වරයෙකුයි.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව අද යළි කැඳවීමට නියමිතයි.

Related posts

“එක්ව නැගිටිමු ” : 75 වැනි නිදහස් සැමරුම ගාලුමුවදොරදී

Mohamed Dilsad

අද සිට රට පුරා වර්ජන

Mohamed Dilsad

සමාජ මාධ්‍ය පුවතක් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment