දේශීය

නව පාසල් වාරය අද ඇරඹේ – පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැනත් තීරණයක්

මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වේ.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි මස 26 වන දින මෙම පාසල් සඳහා නිවාඩු දෙනු ලැබීය.

 

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දක්වා පැසල් පැවැත්වීමට නියමිතය.

 

මේ අතර ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම වෙනුවෙන් සකස් කළ නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

මෙහිදී පළමු වරට ආබාධිත දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන ද මෙවර චක්‍ර ලේඛයට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

 

මෙම දරුවන් සඳහා මීට පෙර සියයට 3ක ප්‍රතිශතයක් වෙන් කිරීමට යෝජනා වී තිබුණද නිශ්චිත ප්‍රතිශතයක් වෙන් නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතු වී තිබුණි.

 

කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද වහාම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයඳුම්පත් කැඳවීම ආරම්භ කරනු ඇත.

 

මේ සඳහා තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීයෙකු සඳහන් කළේය.

Related posts

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කැඳවීමක්

Mohamed Dilsad

කාන්තාවක්ව බිලි ගත් ශාන්තිකර්මය

Mohamed Dilsad

පවතින කාළගුණය හමුවේ ධීවර ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment