දේශීය

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කැඳවීමක්

(UTV | කොළඹ) – පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම , කෝප් කමිටුවට ලබන 19 වනදා කැඳවන බව අද (12) පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවසීය.

මීට පෙර කෝප් කමිටුවේ සාකච්ඡාවට බඳුවූ එයාර් බස් ගනුදෙනුව පිළිබඳ පසුගිය කාලයේ වැඩි කතා බහට ලක්වූ බැවින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කමිටුව තීරණය කළ බවත් මෙම එයාර් බස් ගනුදෙනුවට අදාළව වාර්තා දෙකක් ද පාර්ලිමේන්තුවට මීට පෙර කෝප් කමිටුව මඟින් ඉදිරිපත් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ නිලධාරීහු තමන් අලුතින් පත්වු නිලධාරි මඩුල්ලක් බැවින් මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමට කල් ඉල්ලා මෙම දිනය වෙනුවට වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ලිපියක් මඟින් ඉල්ලීමක් කර තිබුණ ද කෝප් කමිටු සාමාජිකයන් විසින් එය ප්‍රතික්ෂේප කොට එදිනට (19) පැමිණෙන ලෙස දන්වා ඇති බව ද හදුන්නෙත්ති මහතා පැවසීය.

මීට අමතරව ලබන 18 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද කෝප් කමිටුවට කැදවනු ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේදී කැදවීමට යෝජනා වී තිබිණි.

Related posts

මිනිස් ජාවාරමේ නිරතවන්නන් සොයා පොලිස් විමර්ශණ

Mohamed Dilsad

අනු නාහිමි ධුරයට ආනන්ද හිමි පත්කළ බවට මල්වතු විහාරයට දැනුම්දීමේ චාරිත්‍රය ඉටු කෙරේ….

Editor O

හිටපු ජනපති මෛත්‍රී ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment