දේශීය

මංතීරු නීතිය හෙට සිට දැඩි වෙයි

(UTV |කොළඹ) – මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය පවසයි.

පසුගිය 14 වැනිදා සිට මෙම නීතිය මාර්ග හතරක පෙරහුරුවක් ලෙස ක්‍රියාත්මක කෙරුණි.

පවතින තත්ත්වය හමුවේ මංතීරු නීතිය කඩකරන රියදුරන් හඳුනාගෙන ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු පවසයි.

ඒ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන් කර ඇති අතර මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථවලට ගමන් ගත හැකි අතර, දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

මෙයින් අනෙකුත් වාහනවලටත් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකිවෙනු ඇතැයි මෙයින් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්‍රියාත්මක විය.

 

Related posts

කඨීන පිංකම් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්[RELEASE]

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ජනපති ටෙලිකොම් ආයතනයේ මුල්පුටු වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment