ගොසිප්

‘ලොව අපිරිසිදු ම මිනිසා’ මිය යයි [PHOTOS]

(UTV |  ඉරානය) – “ලෝකයේ අපිරිසිදු ම මිනිසා” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන ලද ඉරාන ජාතික Amou Haji මිය ගොස් තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ පළමු ඇඟ සේදීමෙන් මාස කිහිපයකට පසු ඔහු මෙලෙස මියගොස් ඇති බව ය.

Amou Haji අඩ සියවසකට අධික කාලයක් සබන් සහ වතුර භාවිතය ප්‍රතික්ෂේප කර තිබුණේ, ඉන් ඔහු අසනීප වනු ඇතැයි බියට පත් වූ නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරානයේ ෆාර්ස් පළාතේ දිවි ගෙවා ඇති ඔහු, මීට පෙර ද ගම්මුන් විසින් පිරිසිදු කිරීමට ගන්නා ලද උත්සහයකින් ගැළ වී තිබේ.

කෙසේ වෙතත්, එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් ඔහු මීට මාස කිහිපයකට පෙර ඇඟ සෝදා පිරිසිදු වී ඇත.

ඉන් කෙටි කාලයකට පසු ඔහු අසනීප වී ඇති අතර ඉරිදා (23) ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ටෙහෙරාන් ටයිම්ස් සමග 2014 වසරේදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී Amou Haji ප්‍රකාශ කර ඇත්තේ, සිය ප්‍රියතම ආහාරය ඉත්තෑ මස් බව ය.

ඔහු ජීවත් වී ඇත්තේ, දෙජ්ගා ගම්මානයේ වැසියන් විසින් සකසා දෙන ලද ගඩොල් බිත්තිවලින් වට වූ පොළව තුළ හාරන ලද ගුලක් තුළ ය.

World's dirtiest man' dies at 94: Report | Mint

Related posts

ශානි පෙන්ෂන් පොලිස් ආරක්ෂාව ඉල්ලයි

Mohamed Dilsad

‘මම මිලේච්ඡයෙක් නෙමෙයි ‘ – හිටපු ජනපති

Mohamed Dilsad

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

Mohamed Dilsad

Leave a Comment