දේශීය

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ සීමාවන් ඉවතට

(UTV | කොළඹ) – ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවත් කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා.

මේ අනුව ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ.

මේ අතර ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කරන්නේ, අද වන විට ඔබ ඕනෑම සතොස වෙළඳ සැලක තත්වයෙන් උසස් වූ භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට තොග සතොස ආතනය තුළ පවතින බවයි.

එසේම සමහරක් වෙළඳසල් සතොසට වඩා රුපියලකින් හෝ මිළ අඩු කරන්නේ සතොස අඩු කිරීමෙන් පසුව අදාළ ව්‍යාපාර රැක ගැනිමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

හිටපු අගමැතිවරයෙකුට වෙඩි තබයි

Mohamed Dilsad

ඩිජිටල් සේවා බද්ද ගැන IMF පැහැදිලි කරයි

Mohamed Dilsad

යළි ඉන්ධන හිඟය : ඉන්ධන ඇත්තේ දින 10කට හෝ 15කට පමණයි

Mohamed Dilsad

Leave a Comment