දේශීය

යළි ඉන්ධන හිඟය : ඉන්ධන ඇත්තේ දින 10කට හෝ 15කට පමණයි

(UTV | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන්යානා මෙහෙයුම් සඳහා ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇති බවත් බවද වාර්තා වේ.

දෛනිකව ගුවන්තොටුපලේ මෙහෙයුම් සඳහා ජෙට් ඉන්ධන ලීටර් ලක්ෂ13ක් පමණ අවශ්‍ය වන අතර ඉදිරි මාසවලදී සංචාරක සමය ඇරඹීමත් සමග එම අවශ්‍යතාව ලීටර් ලක්ෂ14ක් පමණ දක්වා ඉහළ යන බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ගුවන්යානා ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම ඛණිජ තෙල් සංස්ථාවට පැවරී ඇති වගකීමක් බවයි.

දැනට ගබඩා කර ඇති ජෙට් ඉන්ධන ප්‍රමාණය දින 10කට හෝ දින 15කට පමණක් ප්‍රමාණවත් වන බැවින් ඉන් ඉදිරියට මෙම ජෙට් ඉන්ධන ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යවරයා ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා ඇත.

Related posts

කටුනායක අවට අයහපත් කාලගුණයෙන් ගුවන්ගමන්වලට බාධා

Mohamed Dilsad

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රූපවාහිනි නාලිකාවල බලපත් අහෝසි කිරීමට ආණ්ඩුවට බලයක් නැහැ – මහාචාර්ය ජී.එල්. පීරිස්

Editor O

ත්‍රිකුණාමලයේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලයි

Mohamed Dilsad

Leave a Comment