ගොසිප්

ගුරු මවගෙන් පුත්‍රයාට අයිස්, ගංජා සමග සුපිරි මත්පැන් සාදයක්

(UTV | කොළඹ) – තම පුත්‍රයෙකුගේ උපන් දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම් සිදුකරන ගුරු මව ඇතුලු තරුණ තරුණියන් 15 දෙනෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

අත්අඩංගුවට ගත් එම පිරිස අතර ඇගේ දරුවන් දෙදෙනා ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.

දෙමටගොඩ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක දී මෙම ගුරුවරිය හා තරුණ තරුණියන් 15 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී මොවුන් සන්තකයේ තිබී අයිස්, ගංජා සහ මත්පෙති ද සොයාගෙන තිබෙන අතර තරුණ, තරුණියන් පිරිසක් එක්ව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකරනු ලැබුවේ.

අත්අඩංගුවට මවගේ වයස අවුරුදු 42 ක් වන අතර, සෙසු පිරිස අවුරුදු 18 ත් 20 ත් යන වයස්වල පසුවේ.

මොවුන් දෙහිවල සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

Related posts

අවසන් තරගයේ දී කලහකාරීව හැසිරුණු 5 කට දැඩි දඩුවම් [VIDEO]

Mohamed Dilsad

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

ලොකු රටවල්වලට ලාවට හෙම්බිරිස්සාවක් නම් අපිට නියුමෝනියාව

Mohamed Dilsad

Leave a Comment