ගොසිප්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් යළිත් නිවේදනයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රජය ප්‍රතිරූපයට හානියක් කිරීමට සිටි ස්විට්සරලන්ත රජය කිසි අවස්ථාවක අදහස් නොකළ බව කොළඹ පිහිටි එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරන්නේ දෙරට අතර දශක ගණනාවක් තිස්සේ පවතින සබඳතා පවත්වාගෙන ආ බවත් තවත් අංශ රැසකින් සහයෝගය වර්ධනය කර ගත් බවත්ය.

සිය තානාපති කාර්යාලයේ සේවය කළ දේශීය කාර්යමණ්ඩල සාමාජිකාවක් සම්බන්ධ වූ සිදුවීම නිසා ඇති වූ අනවබෝධය දෙරටේ සබඳතා වලට බාධා එල්ල වූ බවද නිවේදනයේ සඳහන් වෙයි.

අදාළ සේවිකාවක් අත්අඩංගුවට ගැනීමත් සමග තහවුරු නොකළ පුවත් රැසක් ජනතාව අතර ප්‍රසිද්ධ වූ බවද එමගින් දෙරටේ සුහද සබඳතා වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කළ බවද සඳහන් එම නිවේදනය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට ස්විට්සරලන්තය අදහස් නොකළ බවද කියා සිටී.

මෙම සිදුවීමේදී අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම ප්‍රශ්න කිරීමට ලක් වූ බවත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරන බවත් සඳහන් කර ඇත. ‍

ශ‍්‍රී ලංකාවේ යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට කැපවී සිටින බව නැවත වරක් තහවුරු කළ කර ඇතැයිද නිවේදනය දැක්වේ.

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

Mohamed Dilsad

රන්ජන් පොහොට්ටුවට එක්වීමේ සූදානමක්ද?

Mohamed Dilsad

ජනපති සහ අගමැති අතර ගැටුම් ඇති කරන බවට හිටපු ජනපතිට චෝදනා

Mohamed Dilsad

Leave a Comment