ගොසිප්

“නැවත පුහුණුකරු වීමට නම් හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සාකච්ඡා කළ යුතුයි” – හරින් ප්‍රනාන්දු

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හට එම තනතුරේ රැඳී සිටීමට අවශ්‍ය නම් ඔහුගේ කොන්ත්‍රාත්තුව නැවත සාකච්ඡා කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසයි.

ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව චන්දික හතුරුසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තාවකාලික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා පත්කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ හතුරුසිංහ මහතා අතර පැවැති සාකච්ඡා බිඳ වැටීම මෙම තීරණයට හේතු වී ඇත.

ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ බංග්ලාදේශයට එරෙහිව තරගාවලියෙන් පසුව හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීමට නියමිතව තිබුණ ද ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් නිලධාරීන් අතර එකඟතාවක් අනුව ඒ මහතා නවසීලන්ත සංචාරයට ද රඳවාගැනීමට තීරණය කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා මේ වන විට ඇමරිකානු ඩොලර් 40,000 ක වැටුපක් ලබන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා රෝගියෙකු සැඟවෙන්න ගම වටේ යයි

Mohamed Dilsad

ඉරජ්ට ලැබුණු නව තනතුර

Mohamed Dilsad

රටේ පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීමට ගතවන කාලය ගැන ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment