ගොසිප්

කොරෝනා රෝගියෙකු සැඟවෙන්න ගම වටේ යයි

(UTV |යාපනය ) – යාපනය රෝහලේ සිටි කොරෝණා ආසාදිත පුද්ගලයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසරා ඇති බව හෙළිව තිබේ.

මෙය සැල වීමත් සමඟ ගම්වාසීන්ගේ ආරක්ෂාවට එම ප්‍රදේශය විෂබීජහරණය කිරීමට නාවික හමුදාව කටයුතු කළේය.

අදාල රෝගියා අරියාලෙයි ස්විස් දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූවෙකු වීම නිසා පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් ඔහු සොයා ඇත.

ඒ ගැන ආරංචි වූ පසු ඔහු යාපනය කයිට්ස් ප්‍රදේශයට ගොස් තැනින් තැන සැඟව සිට අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් පසුව රෝහලගතවී තිබේ.

මේ හේතුව නිසාවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව නාවික හමුදාපතිගේ උපදෙස් පරිදි කයිට්ස් ප්‍රදේශය අවරණය වන පරිදි විජබීජහරණ වැඩසටහනක් ක්‍රියාතමක කොට ඇත.

 

Related posts

බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

සජිත් රවී බලන්න හදිසියේ යයි

Mohamed Dilsad

නාමල්ටත් ඇමති ධූරයක්

Mohamed Dilsad

Leave a Comment