ගොසිප්

රන්ජන් ජනපති සමාව අයැදීමට සූදානම් වෙයි

(UTV | කොළඹ) – බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාවක් හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.  

කෙසේවෙතත් රන්ජන් රාමනායකට ලබාදෙන සමාව සම්පූර්ණ සමාවක්ද කොන්දේසි සහිත සමාවක්ද යන්න මෙතෙක් තීරණය කොට නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (4) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකදී කවර හෝ වරදකට වරදකරු කරන ලද තැනැත්තකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

රන්ජන් රාමනායක සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ඔහුට සමාව ප්‍රදානය කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලදොත් ඉන්පසුව ඒ ගැන සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දන්වා තිබිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක හට වසර හතරක සිර දඩුවමක් නියම කරනු ලැබීය.

 

Related posts

එන සතියේ දී ලොක්ඩවුන් ඉවතට..

Mohamed Dilsad

පාඨලී – රාජිත – රන්ජන්ගෙන් පසු මීළඟ ඉලක්කය හිරුණිකා [VIDEO]

Mohamed Dilsad

කොරෝනා වෛරසය ඇත්තටම මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවනවාද ?

Mohamed Dilsad

Leave a Comment