ගොසිප්

නංගී අතින් අයියා ඝාතනය වෙයි

(UTV | කළුතර) – කොරෝනා ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින හෙයින් තවමත් හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටළුගම, බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක සහෝදරිය සිය වැඩිමහල් සහෝදරයාට ඊයේ (06) තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග ගොස් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව ද සඳහන්.

වයස අවුරුදු 31ක විවාහක පුද්ගලයෙක් මෙලෙස සිය සහෝදරිය අතින් ඝාතනයට ලක් වී ඇත.

අදාළ සැකකාර තරුණිය විසින් අයියාගේ යටිබඩ ප්‍රදේශයට කතුරකින් ඇණ ඇති බව ද වාර්තාවල සඳහන්.

 

Related posts

හිටපු ජනපතිට නඩු පැවරීමට සූදානමක්

Mohamed Dilsad

තමන් ලද ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍යන්ට ජනපතිගේ ප්‍රණාමය

Mohamed Dilsad

පුපුරන්නේ ලිපයි.. ගෑස් නොවේ..

Mohamed Dilsad

Leave a Comment