දේශීය

මල්වතු නා හිමිගෙන් දේශපාලනඥයන්ට වාරණයක්

(UTV | කොළඹ) – මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැට වලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මරමින් සිටීම හේතුවෙන් මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් තීරණය කොට තිබේ .

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාවය මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනාධිපති, අගමැති හා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහා නා හිමියන් මෙම තීරණයට එළඹ තිබේ .

Related posts

බස්නාහිර පළාතෙන් බැහැරට ගිය 554 ක් නිරෝධායනයට

Mohamed Dilsad

තවත් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment