දේශීය

අගමැති ඉවත්වෙයි?

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

අග්‍රමාත්‍යවරයා ඉවත්වුවහොත් අමාත්‍ය මණ්ඩලයද අහොසි වෙයි. එසේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරිමටද සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ජාතික එකඟතා ආණ්ඩුවක් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජතයන්, ස්වාධීන වූ පක්ෂවල නියෝජතයන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ පසුගිය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනවරම ලැබුණද ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම් සඳහා ඇහුම්කන් දිමට අග්‍රාමාත්‍යවරා සූදානම් බවයි.

Related posts

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 76,000ක් පීඩාවට

Editor O

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයි

Editor O

උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාවක්

Editor O

Leave a Comment