Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයි

අධිකරණ නියෝගයක් මත, මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපති විනිසුරු එල්. ටී. බී දෙහිදෙණිය මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය. එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර එම පිරිස මෙසේ ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටිති.

මෙම සරණාගතයින් පිළිබඳව සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 26 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරට ගියද, අදාළ සරණාගතයින් බැලීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරියගේ අනුමැතියකින් තොරව අවසර ලබාදිය නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ආගමන විගමන පාලක ජනරාල්වරියගෙන් ද ඒ සඳහා ඉල්ලීමක් කළ ද, එම රැකවරණය පතන්නන් වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාදෙනු ලබන්නේ සිය දෙපාර්තමේන්තුව මගින් නොව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා බවද සඳහන් කර ඇත.

අදාළ දැනුම් දීම ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු විසින් වාචිකව සිදුකර ඇති අතර ආගමන විගමන පාලක ජනරාල්වරිය විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව සන්නිවේදනය කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙයි.

අධිකරණයමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රඳවාගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන නිරතුරුවම පරීකත්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැවරී ඇති බව සඳහන්ය. අදාළ කඳවුරේ සිටින සරණාගතයින්ගෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් කුඩා දරුවන් වන අතර ඔවුන්ගෙන් බහුතරය ළදරුවන් බව වාර්තාවන බැවින් ඒ පිළිබඳව සොයාබැලීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ වගකීමක් බව ඔවුන් පෙන්වාදෙයි.

එම නිසා අදාළ රැකවරණය පතන්නන් වෙත කොමිසන් සභා නිලධාරීන්ට බාධාවකින් තොරව ප්‍රවේශ වීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් සුදුසු නියෝග නිකුත් කරන ලෙස ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

Related posts

BREAKING: Gampaha District UPFA Dy. Minister Nimal Lanza resigns

Mohamed Dilsad

முதலாம் நாள் ஆட்ட முடிவின் போது 2 ஓட்டங்களைப் பெற்றுள்ள மேற்கிந்திய தீவுகள் அணி!!

Mohamed Dilsad

தபால் ஊழியர்களின் ஆர்ப்பாட்டத்தால் பாரிய வாகன நெரிசல்

Mohamed Dilsad

Leave a Comment