Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සේවයෙන් විශ්‍රාම යයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන්  විශ්‍රාම යෑමට නියමිතව ඇත. දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන ශවේන්ද්‍ර සිල්වා 2020 වසරේ ජනවාරි 1 වනදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.

ඔහු දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ 19 වැනි නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම් පාඨමාලාව වෙනුවෙන් 1984 මාර්තු 5වනදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. ශවේන්ද්‍ර සිල්වා මහතා කා අතරත් ජනාදරයට පත් රණවිරුවෙක් වූයේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේදීය. එම මානුෂීය මෙහෙයුමේදී 58 සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසින් ඔහු කටයුතු කළේය.

අනතුරුව 2019 වසරේ අගෝස්තු 19 යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් වූ ඔහු 2022 මැයි 31 දක්වා එම ධුරයේ කටයුතු කළේය. ඉන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බවට පත් වූ හෙතෙම ජනාධිපතිවරු සිව් දෙනෙකු යටතේ කටයුතු කර තිබේ. එනම් හිටපු ජනධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යටතේ මෙන්ම වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා ය.

Related posts

Rajitha’s anticipatory bail application rejected

Mohamed Dilsad

நாட்டில் உள்ள அனைத்து மதுபானசாலைகளும் கண்கானிக்கப்படும்

Mohamed Dilsad

Tourism in Sri Lanka takes a hit following violence and attacks

Mohamed Dilsad

Leave a Comment