දේශීය

ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද

(UTV | කොළඹ) – මාසයක කාලයක් පැවති උපවාස සමය නිමා කරමින්, මුස්ලිම් ජනතාව අද ඊදුල් පීතර් රාමසාන් උත්සවය සමරයි.

මෙය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උළෙලක්. ඉල්සාම් දහමේ ඇති ප්‍රධානතම වගකීම් 5න් අවසාන වගකීම, නෝම්බි උපවාසයේ යෙදීමයි.

මාසයක් පුරා හිරු උදාවේ සිට හිරු බැසයාම තෙක්, ඔවුන් මෙම ශීලය ආරක්ෂා කරයි. මෙය ආගමික හා ශාරීරික ශික්ෂණය ඇති කරන විශේෂිත කාලයක් ලෙසයි ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරන්නේ.

අල්ලා දෙවියන්ගේ නිර්දේශය මත යාඥාවන්හි සහ දන්පින් කටයුතුවල යෙදෙමින්, ඔවුන් මෙම පුණ්‍යවන්ත සමය ගත කරයි. උපවාස මාසය අවසන් වෙන්නේ නව සඳ දැකීමෙන් අනතුරුවයි. චන්ද්‍ර මාස ක්‍රමය අනූව පෙළගැසෙන ඉස්ලාමීය මාස ක්‍රමයක ආරම්භය හා අවසානය නව සඳ දැකීමෙන් අනතුරුවයි.

චන්ද්‍ර මාස ක්‍රමය අනූව පෙළෙගැසෙන ඉස්ලාමීය මාස ක්‍රමයක ආරම්භය හා අවසානය නව සඳ දැකීමේ චාරිත්‍රය අනූව සිදු වෙයි.

Related posts

කොරෝනා රෝගීන්ගේ උපකාරයට සිසුවෙකු කල නිර්මාණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

“මම සාමය සඳහා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාස කරනවා”

Mohamed Dilsad

Leave a Comment