දේශීය

UPDATE – කටානට බැස්වූ යානයේ ගමන් කල 04 ම මීගමුව රෝහලට

(UTV | කොළඹ) – කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙළකට හදිසියේ ගොඩබස්වන ලද සැහැල්ලු ගුවන් යානයේ ගමන් කල 04 දෙනාම සුලු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යානයේ නියමුවා – නියමුවරිය සහ විදේශීය සංචාරක යුවළක් ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිරිස රත්මලානේ සිට සීගිරිය දක්වා ගොස් නැවත කොග්ගල දක්වා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණා.

සෙස්නා 172 වර්ගයට අයත් පුද්ගලික සැහැල්ලු ගුවන් යානයකුයි මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇත්තේ.

පසුගිය සතියේදී පයාගල වෙරළ තීරයට හදිසියෙ ගොඩබස්වන ලද සැහැල්ලු ගුවන් යානය අයත් සමාගමටම මෙම යානයද අයත්වනවා.

අද සිද්ධිය වාර්තාවූ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් පිටත්කර යවා ඇති බවද ගුවන් හමුදාව සඳහන් කළා.

Related posts

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්න

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවේ අය බලය ගන්න කියපු දේවල් බොරු කියලා ඔප්පු වෙද්දි, මාධ්‍යයට තර්ජනය කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 220 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment