දේශීය

එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අවසර

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ලබා දී තිබේ. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය මාර්ග උපදේශවලට මෙම සංගීත ප්‍රසංග සංවිධානය කළ යුතු වෙයි. ඒ සඳහා කාල රාමුද නිකුත් කර තිබේ. මේ අනුව සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනයේ රාත්‍රී 12. 30 දක්වාත් එසේ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.

Related posts

රට වසා දැමීමට අවශ්‍යතාවයක් නැහැ : චන්න ජයසුමන

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ජයන්ත සමරවීර නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment