දේශීය

ජයන්ත සමරවීර නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට

(UTV | කොළඹ) – වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අද (18) සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඔහුට රුපියල් 7,500 ක අමතර ඇපයක් මත මුදා හරින ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හරහා මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුව ඊයේ (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවකු වන ජයන්ත සමරවීර අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.

Related posts

කොළඹ ස්ථාන රැසක ජල සැපයුම අත්හිටුවයි

Editor O

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඉදිරි මහ කන්න දෙකේ වී වගා කරන ගොවීන්ට බන්ඩි (එම්ඕපී) පොහොර නොමිලේ

Editor O

Leave a Comment