දේශීය

රාජ්‍ය මුදල් අවභාවිත කල දුම්රිය නිළධාරීන් පිළිබඳ පරීක්ෂණයක්

(UTV | කොළඹ) – ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන ආකාරයට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර අදාළ විමර්ශනය සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්නට උපදෙස් ලබාදී ඇත.

පසුගිය දා එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් , දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබා ගනිමින් දෙපාර්තමේන්තුව සතු වාහන සිය රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා යොදා ගත් බවට ද චෝදනා එල්ල කර තිබේ.

Related posts

ස්ථාවර නොවී ආර්ථික පිළිවෙත වෙනස් කළොත් යළි ආර්ථික අර්බුදයක් – ජනාධිපති

Editor O

සපුගස්කන්ද කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගැනීමට සහය වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment