දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (01) පස්වරු 06 සිට අද (02) පස්වරු 06 දක්වා කාලය සඳහා එම නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ස්මාට් ජංගම දුරකථන මිල අඩුවෙලා ද…?

Editor O

රට පුරාම විදුලිය බිඳවැටීම ගැන පරීක්ෂණ දෙකක්

Mohamed Dilsad

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment