Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුවේ අය බලය ගන්න කියපු දේවල් බොරු කියලා ඔප්පු වෙද්දි, මාධ්‍යයට තර්ජනය කරනවා – නාමල් රාජපක්ෂ

ජනතාවට වැඩ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වුණු අතර කිසිදු වැඩක් නොකරමින් 76 අවුරුදු ශාපයක් ගැන කියූ බලවේගයක් බලයට පත්වුණු බවත් මේ වනවිට ඔවුන් දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකිව, ඒවා එළිදරව් කරන මාධ්‍යයට තර්ජනය කරන තත්ත්වට පත්ව ඇතැයි නාමල් රාජපක්ෂ මහතා පවසයි. මොරවක ප්‍රදේශයේ ඊයේ (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීමකදී, නාමල් රාජපක්ෂ මහතා ඒ බව කීවේය.

“වැඩ කරපු අපි පරාජයට පත්වුණා, 76 අවුරුද්දක ශාපයක් ගැන කතා කරපු, පන්සලක් පල්ලියක් බෝක්කුවක් හදපු නැති දේශපාලන බලවේගයක් දිනුවා. බලයට ඇවිල්ලා ඉස්ඉස්සෙල්ලාම කළේ තමන් කරන්නෙම නෑ කියපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට පවත්වාගෙන යන්න එකඟ වුණා. මං හිතන්නෙ නෑ අවංකවම අතිගරු ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට ඒක කියවන්න වෙලාවක් තිබ්බා කියලා. මොකද ඉන්නෙත් තුන්දෙනයි, තිබ්බෙත් හෝරා කීපයයි, හැබැයි දැන් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තවදුරටත් සාකච්ඡා කරනවා ලු. ඕනෙම කෙනෙකුට තියෙන සාමාන්‍ය දැනීම තමයි ඕනෙම ගිවිසුමක් අත්සන් කරලා සාකච්ඡා කරන්න බෑ. එහෙනම් අත්සන් කරන්න කලින් සාකච්ඡා කරන්න ඕනෙ. තමන් පොරොන්දු වෙච්ච ඒවා ක්‍රියාත්මක කරන්න බැරිවෙනකොට, ඒවා බොරු කියලා සමාජයේ ඔප්පු වේගෙන එනකොට මාධ්‍යයට තර්ජනය කරනවා. ජඩමාධ්‍ය පරිස්සම් වෙලා ඉන්න කියලා ප්‍රසිද්ධ වේදිකාවේ කියනවා. මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න පොලිසියේ මහත්තුරු ගිහිල්ලා පෝස්ටරයක් ගැලෙව්වාම පෝස්ටරය ඉරපු කෙනාට ප්‍රසිද්ධියේ බනිනවා. මේක තමයි අද වර්තමාන ආණ්ඩුවේ මේ සති පහ හය ඇතුළත අපට දකින්න තියෙන දේ”

Related posts

Sister Sledge dies at 60

Mohamed Dilsad

“True Muslims reject extremism” – Kabir Hashim

Mohamed Dilsad

පාස්කු වින්දිත කාන්තාවක් අභියාචනාධිකරණයට

Mohamed Dilsad

Leave a Comment