ගොසිප්

රට නැවත ලොක්ඩවුන් කරයි?

(UTV | කොළඹ) – දෙසැම්බර් මාසය වන විට කොරෝනා 4 වන රැල්ලක් භයානක ලෙස මතුවනු ඇතැයි බටහිර රටවල් අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

මෙරට ද ජනතාව හැසිරෙන්නේ කොරෝනා නොතිබූ රටක් ලෙස බවද පැවසූ ඔහු ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් නැවතත් කොරෝනා භයානක රැල්ලක් ඇතිවිය හැකි බවද පැවසීය.

විශෙෂයෙන්ම මුව ආවරණ අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරනු මෑත කාලයේ නිරීක්ෂණය වූ බවයි.

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නේ නම් නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවුණු ඇති බවද ඔහු කියා සිටියේය.

Related posts

ළමා රෝහලේ ළමුන් 20කට කොරෝනා

Mohamed Dilsad

බැසිල් කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වෙයි

Mohamed Dilsad

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් යළිත් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment