විදෙස්

ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකට බෝම්බ ප්‍රහාර තර්ජනයක්

(UTV | ඇමරිකාව) – බෝම්බ ප්‍රහාර සිදු කරන බවට ඇති වූ තර්ජනයක් හේතුවෙන් ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකක සිසුන් ඉවත් කර ගැනීමට පියවර ගැණුනා.

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ විශ්වවිද්‍යාල දෙකක ගොඩනැගිලි කිහිපයක බෝම්බ අටවා ඇති බවට ලැබුණු පණිවුඩයක් හේතුවෙන් මෙලෙස සිසුන් ඉවත් කර ගැණුනා. නිව්යෝර්ක් නගරයේ කොලොම්බියා හා කොනෙල් යන විශ්වවිද්‍යාලයන්හි බෝම්බ අටවා ඇති බවට ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද පසුව එම පණිවුඩය අසත්‍යයක් බව හෙළිව තිබෙනවා. මේ ආකාරයටම පසුගිය සිකුරාදා දිනයේ දී යේල් විශ්වවිද්‍යාලයේ බෝම්බයක් අටවා ඇති බවට පණිවුඩයක් ලැබී තිබුණා. පසුව එය ද අසත්‍යයක් බවයි හෙළි වූයේ.

Related posts

සංක්‍රමණිකයන් රට තුළට ගැනීම නවතා දැමීමට ඉතාලිය සූදානම්

Mohamed Dilsad

කෙන්යාවේ පොලිස් නිලධාරියෙක් මහෙස්ත්‍රාත් ට වෙඩි තබයි

Editor O

බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවා

Editor O

Leave a Comment