Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවා

(UTV | කොළඹ) –

බංග්ලාදේශයේ නගර රැසක් පුරා දින ගණනාවක සිට ක්‍රියාත්මක වන සිසු විරෝධතා හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර ඇඳිරි නීතිය ද පනවා තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල තුනක අධ්‍යයන කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික සිසුන් 50 ක් පමණ සිටින අතර, ඔවුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල සිටින බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ විදේශීය සරසවි සිසුන්ට විශ්වවිද්‍යාලවලින් ඉවත් වන ලෙස මෙතෙක් එරට බලධාරීන් විසින් දැනුම් දී නොමැති බැවින් ඔවුන් නේවාසිකාගාරවල සිටින බවට එරට පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් යළි ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමක් සිදු නොවන අතර එරට සිටින ශ්‍රී ලාංකික සිසුන් ඩකා සහ චිතගොන් හි පිහිටි විශ්වවිදයාල නේවාසිකාගාරවල මේ වන විට සිටින බවද තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ඡායාරූප : හින්දුස්ථාන් ටයිම්ස්

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ විශ්වාසය ඇමෙරිකානුවන්ට නැති වුණා – ජෝ බයිඩ්න්

Mohamed Dilsad

Ray Abeywardena appointed new Chairman of CSE

Mohamed Dilsad

Six suspects arrested with 13.2 kg of dried turtle meat

Mohamed Dilsad

Leave a Comment