දේශීය

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාදයෙන් ලංකාවට බලපෑමක් නැහැ

(UTV | කොළඹ) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තොග ඇති බැවින් එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දීය රජය ගත් තීරණය දැඩි බලපෑමක් සිදු නොකරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.  

ඒ මහතා සඳහන් කලේ මෙරටදී පළමුවෙන් එන්නත ගත් පුද්ගලයන්ට මැයි මාසය අවසන් වන තෙක් පමණ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා දැනටමත් රට තුළ පවතින බවයි.

එමෙන්ම ඇස්ට්‍රා-සෙනෙකා තවත් මාත්‍රා ලක්ෂ 05 ක් පමණ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලබාදෙන බවට ඉන්දියාව විසින් නිල නොවන මට්ටමින් දැනුම් දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක දැනට භාවිත කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර ඇත.

එරට තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඉදිරි සතිවල එන්නතට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවට තක්සේරු කිරිමත් සමග ඔවුන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

 

 

Related posts

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න එජාප ය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා…?

Editor O

රනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා – නාමල් රාජපක්ෂ

Editor O

ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර සිටින අයට විශේෂ සහන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment