දේශීය

මහෙස්ත්‍රාත් සහ විනිසුරුවරුන් 72 කට ස්ථාන මාරු

(UTV | කොළඹ) – මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන ඇත.   

එම කොමිෂන් සභාව තීරණය කළේ , වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

ඒ අනුව කොළඹ වැඩබලන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාව සිටි ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස පත්කර ඇති අතර කොළඹ වැඩබලන දිසා විනිසුරුවරයාව සිටි ඒ.ජී. අලුත්ගේ මහතා කොළඹ දිසාවිනිසුරුවරයා ලෙස ද පත්කර තිබේ.

මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද (25) දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

කතරගම නාවික හමුදා කඳවුරේ පිපිරීමක්

Editor O

මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment