ගොසිප්

ආණ්ඩුව වෙනුවෙන් ඩිලාන් බෙල්ල තියයි

(UTV | කොළඹ) – බාර් විවෘත කිරීමේ වගකීම භාරගැනීමට කෙනෙක් නැත්නම් තමා එම වගකීම භාරගන්න බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

බාර් විවෘත කිරීම ගැන කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් බාර් ඇරියට සියලු දෙනාම බොන්න යැයි ආණ්ඩුව ප්‍රකාශ නොකල බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

ඊයේ (23) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

“ඊයේ එක්තරා නැගෙනහිර පළාතේ මන්ත්‍රිවරයෙක් රටේ නායකයාට තව මොහොතකින් හූ තියයි කියලා බලාගෙන ඉන්නවා කිව්වා. ඒ දේශපාලනඥයා දේශපාලන පිංපියෙක් නිසා රටක් රාජ්‍යයක් ගමක් නැති නිසා එයාට ඒක සන්තෝසයට කාරණයක් වුණාට රටක් හැටියට අපේ රටේ ඕනම කෙනෙකුට පිටරට ගියාම ඒ තත්වය උදාවෙනවානම් ඒකට රටේ ලාංකිකයෝ කැමතිවෙන්නේ නෑ.

Related posts

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

Mohamed Dilsad

පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකරගත් පරිදි එකම පුතා ද අහිමි කරගන්න බැහැ

Mohamed Dilsad

ලැප්ටොප් බෑගය බාර නොදීී, විශ්‍රාම ගිය උසස් නිලධාරියාගේ වැටුපෙන් රු. 10000ක් කපයි.

Editor O

Leave a Comment