කලා

ඉන්දියාවේ Trending වුණ ලාංකික දමිළ නිළිය

(UTV | කොළඹ) – මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි තරග සඳහාද සහභාගී වන ශ්‍රී ලාංකික නිරූපිකාවක ගැන සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ. කලක් සිරස මාධ්‍ය ජාලයේ ශක්ති ටීවී හි ප්‍රවෘත්ති කියවන්නියකවී සිටි ඇය ලොස්ලියා මරියනේෂන්ය.

26 හැවිරිදි ඇය කිලිනොච්චියේ උපත ලබා තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. ඇගේ දෙමාපියන් යාපනයේ පදිංචි කරුවන්ය. ඇගේ දැන් පදිංචිය ත්‍රීකුණාමලයේය.ඇයට වයසින් වැඩිමල් සොයුරියක සිටි අතර සොයුරිය හදිසියේ මියගොස්ය. පියාද මෑතකදී මියගියේය.

ඇගේ වයස 24 ක්වූ 2019 සිට පමණ ඉන්දියාවේ අතිශයින් ප්‍රචලිත ‘බිග් බොස්‘ රියැලිටි තරගාවලිය සඳහා ඇය ඉදිරිපත්ව සිටින්නීය. නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය ආරම්භ කිරීමෙන් පසු ලොස්ලියා ප්‍රසිද්ධියට පත් වූයේ කමල් හසන් විසින් පැවැත්වූ ‘බිග් බොස්’ තුන්වන වාරයට සහභාගී වීමෙන් පසුවය. ඇයට ආරම්භයේ සිටම ප්‍රේක්‍ෂකයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණි.

ලොස්ලියා මේ වන විට ‘බීබී ජෝඩිගල්’ ප්‍රදර්ශනයට සහභාගී වන අතර ඇගේ නර්තන වීඩියෝවක් ඉන්දියාවේ සමාජ මාධ්‍ය අතර ප්‍රකට වෙමින් පවතී. ජෝන් පෝල් රාජ් සහ ෂාම් සූර්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද ලොස්ලියාගේ ප්‍රථම චිත්‍රපටය “ෆ්‍රෙන්ඩ්ෂිප්” සැප්තැම්බර් 17 වෙනිදා එනම් අද සිට ලොව පුරා විවිධ භාෂාවලින් ප්‍රදර්ශනය කෙරේ.

Related posts

සල්මන් සහ ප්‍රියංකා යළි එක්වන ලකුණු

Mohamed Dilsad

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

Mohamed Dilsad

ජාන්වි කපූර්ගේ ‘ගුන්ජාන්’ ප්‍රචාරක පටය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment