කලා

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

(UTV | කොළඹ) – හොලිවුඩ් සුපිරි නලු විල් ස්මිත් ට වසර 10 ක් යනතුරු ඔස්කා හෝ වෙනත් ඇකඩමි සම්මාන උළෙල සඳහා සහභාගී වීම තහනම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇකඩමි සංවිධායකයන් සඳහන් කලේ පසුගියදා පැවති 94 වන ඔස්කා සම්මාන උළෙලේදී නිවේදක ක්‍රිස් රොක් ට කම්මුල් පහරක් එල්ල කිරීම හමුවේ මෙම තීරණය ගත් බවයි.

මෙය කිසිදු ආකාරයකින් අනුමත කල හැකි ක්‍රියාවක් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ප්‍රහසන නලුවෙකුද වන ක්‍රිස් රොක් විසින් වේදිකාව මතදී විල් ස්මිත් ගේ බිරිඳට සිදුකල අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් විල් ස්මිත් විසින් ඔහුට පහර දී තිබුණා.

අනතුරුව මෙවර සම්මාන උළෙලේදී හොඳම නලුවා සම්මානයට හිමිකම් කීවේද විල් ස්මිත් වීම විශේෂත්වයක්.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුණා.

Related posts

ටින් ටින් ඉහළ අගයකට අලෙවි වෙයි

Mohamed Dilsad

අලි ෆසල්ගේ මවගේ අභාවය හේතුවෙන් විවාහය කල් දමයි

Mohamed Dilsad

රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ ළඟදීම තිරයට

Mohamed Dilsad

Leave a Comment