දේශීය

තවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත බැවින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දැරූ රවිනාථ ආර්යසිංහ ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එය පුරප්පාඩු වී පැවතිනි.

Related posts

ඉන්දියාවෙන් පැන ආ පිරිස අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 ක් සුව අතට

Mohamed Dilsad

ලබන 25 වන දායින් පසු බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment