දේශීයව්‍යාපාරික

සතොස මගින් 5000 ක සහන මල්ලක්

(UTV| කොළඹ) – සංචරණ සීමා හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් 5000 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් තවත් සහන මල්ලක් වෙළඳ අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත.   

දිවයිනේ සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම සේවා නිලධාරීන් සහ සමෘදි නිලධාරීන් විසින් මෙම සහන මල්ලේ බෙදාහැරීම සිදු කරන බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

සතොස අලෙවිසැල් ජාලය මගින් නිකුත් කරන මෙම සහන මල්ල සඳහා සහල් කිලෝ 15ක් , සීනි කිලෝ 2ක් , පාන්පිටි කිලෝ 5ක් , බී ලූණු කිලෝ 3ක් ඇතුලුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 20ක් අන්තර්ගතයි.

Related posts

වීරකැටියේ වෙඩිතැබීමක්.පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා ගැන සමාජ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුවීම් පිළිබඳ CID විමර්ශන

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරියට සාමාජිකයින් පත් කිරීම ඉදිරියේදී

Mohamed Dilsad

Leave a Comment