දේශීය

කොරෝනා ගැන සමාජ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුවීම් පිළිබඳ CID විමර්ශන

(UTV | කෝවිඩ්-19) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ සිදුවීම් 400 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

එවැනි අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් සංඛ්‍යාව 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු සාමාජිකයෙකු , වෛද්‍යවරයෙකු , විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු සහ විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර වේ.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් අනතුරුවයි.

Related posts

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ආසියාවේ රැජිනගේ තක්සේරුව අද

Mohamed Dilsad

බන්ධනාගාර වල ආරක්ෂාවට හමුදා විශ්‍රාමික බල ඇණියක්

Mohamed Dilsad

Leave a Comment