ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරට ට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන්ව ඇත්තේ නැවත ඇතුළත් වීමේ වීසා (Re – entry) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන මස 31 වැනි දින දක්වා දීර්ඝ කිරීඹට එරට ජනගහන හා සංක්‍රමණික අධිකාරීය තීරණය කර තිබේ.
ඒ අනුව ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් Re – entry වීසා මත මෙරටට පැමිණි අයර Re – entry වීසා කාලය අවසන් වුවද එළැඹෙන මස 31 වැනි දින දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වී මේ හැකියාව පවතින බවද අමාත්‍යංශය දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතන ද දැනුවත් කර ඇති බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්’
