ක්‍රීඩා

2021 IPL සටනේ පළමු ජය කෝළිට

(UTV | ඉන්දියාව) – 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට විරාත් කෝළිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් විය.   

ඒ පසුගිය වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩාම කඩුලු දෙකකින් පරාජයට පත්කරමින්. තරගය පැවැත්වුනේ මුම්බායි හිදියී.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්ඩියන්ස් පිළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 159ක්.

පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග්‍රාහී ඉලක්කය පසුකළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තියුණු ජයක් හිමිකරගැනීමට සමත් විය.

චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය අද මුම්බායි හිදී පැවැත්වීමට නියමිතයි.

Related posts

නිකලස් ලියෝස්ට අල්ලස් චෝදනා

Mohamed Dilsad

එංගලන්ත නායකත්වයට ජෝ රූට් පත් කෙරේ

Mohamed Dilsad

ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment