ක්‍රීඩා

තරඟයක් හේතුවෙන් ඩිල්ෂාන් අසතුටින්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර පැවැත්වීමට යෝජිත ක්‍රිකට් තරඟය පිළිබද ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් සිය අසතුට පල කර ඇත.   

එම තරගය මෙම අවස්ථාවේ පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි.

මෙම තරගය හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපෑමක් ඇති විය හැකි බව ඔහුගේ අදහසයි.

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය මානසික ශක්තිය ලබාදීම මේ මොහොතේ සිදු කළ යුතු කටයුත්තක් බව ඩිල්ෂාන් කියා සිටියේය.

 

Related posts

අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතාවය මේ සති අන්තයේ දී

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Mohamed Dilsad

සෞරව් ගංගුලි පිළිබඳ සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment