දේශීය

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

(UTV | කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.   

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවේ, අවුරුදු ක්‍රීඩාවලදී සමාජ දුරස්ථභාවය, අත්සේදීම හා මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

කඹ ඇදීම, කොට්ට පොර ගැසීම හා සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර හිමි නොවන බව ඇය ප්‍රකාශ කළාය.

මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

 

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

අලුතින් පත්කිරීමට නියමිත යුද හමුදාපතිවරයා ගැන ඉඟියක්

Editor O

ජිනීවාවලදී වෙච්ච දේ පැහැදිලි කරන්න, අගමැති හරිනි සති දෙකක් කාලය ඉල්ලයි

Editor O

Leave a Comment