දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හෙට (12) කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට පස්වරු 10.00 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12 ක කාලයක් කොළඹ 10, 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

 

Related posts

සංචාරක ඇමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න

Mohamed Dilsad

මාකඳුරේ මධුෂ්ගේ දේහය ඥාතීන් වෙත[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment